fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සාම සාධක මෙහෙයුම්වලදී දිවිපිදු ශ්‍රී ලාංකික රණවිරුවන් දෙදෙනාට එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් පදක්කම්

ITN News Editor
By ITN News Editor මැයි 25, 2019 11:58

සාම සාධක මෙහෙයුම්වලදී දිවිපිදු ශ්‍රී ලාංකික රණවිරුවන් දෙදෙනාට එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් පදක්කම්

මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරිවල නිරතව සිටියදී ජීවිතක්ෂයට පත් ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයින් දෙදෙනාට එක්සත් ජාතින්ගේ සංවිධානය මගින් පදක්කම් පිරි නැමුණා.

නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මුලස්ථානය මගින් සමරණ ලද සාමසාධක දිනයේදී මෙම පදක්කම් පිරි නමනු ලැබුවේ. ඒ අනුව කැප්ටන් වසන්ත දිනේෂ් ජයවික්‍රම සහ කොප්‍රල් සමන්ත විජේකුමාර දෙදෙනාට එම සම්මාන හිමි වුණා.

ඔවුන් වෙනුවෙන් පදක්කම් ලබා ගත්තේ නිව්යෝර්ක්හි සිටින ශ්‍රී ලංකාවේ එක්සත් ජාතින්ගේ නිත්‍ය නියෝජිත ආචාර්ය රොහාන් පෙරේරා මහතා විසිනි.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 25, 2019 11:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්