උතුරු මුහුදේ සිදුකළ විශේෂ සෝදිසියකින් කේරළ ගංජා කිලෝග්‍රෑම් 245 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි වටිනාකම රුපියල් දෙකෝටි හැට නව ලක්ෂ පනස් දහසක්.
කේරළයේ සිට උතුරු මුහුද හරහා ශ්‍රී‍්‍ර ලංකාවට පැමිණෙමින් තිබූ ඩිංගි යාත්‍රාවක් පරීක්ෂා කිරිමේදි ගංජා තොගය සොයාගෙන තිබෙනවා. සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරිය බණ්ඩාර මහතා පවසන්නෙ. ඔවුන් ඉදිරි පරීක්ෂණ සදහා කන්කසන්තුරය පොලිසියට භාරදිමට නියමිතව තිබෙනවා.
මෙරට සීමාවේදි අත්අඩංගුවට ගත් කේරළ ගංජා වලින් සියයට හැත්තැ පහක්ම අත්අඩංගුවට ගෙන තිබේනනේ උතුරු මුහුදේදි බවයි ඉසුරු සූරිය බණ්ඩාර මහතා සදහන් කළේ.