දකුණු අප්රිකාවට ලකුණු 87ක ජයක්
Related Articles
එක්දින ක්රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු පුහුණු තරගය ලකුණු 87කින් ජයගැනිමට දකුණු අප්රිකා කණ්ඩායම සමත් වුනා.
කාඩිෆ්හි පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්රී ලංකා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි දකුණු අප්රිකා කණ්ඩායම පන්දුවාර පනහ අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 338ක් රැස් කළා. ෆෆ් ඩුප්ලෙසිස් ලකුණු 88ක් සහ හෂිම් අම්ලා ලකුණු 65ක් සිය ඉනිමට එක් කළා. පන්දු යැවිමේදී ශ්රී ලංකා කණ්ඩායමේ නුවන් ප්රදිප් සහ සුරංග ලක්මාල් කඩුලු 02ක බැගින් දවා ගත්තා.
පිලිතුරු ඉනිම ක්රිඩා කළ ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 42යි පන්දු තුනක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වුයේ ලකුනු 251ක් පමණයි. නායක දිමුත් කරුණාරත්න ලකුණු 87ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 64ක් රැස් කළා. ඒ අනුව ශ්රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු පුහුණු තරගයෙන් ලකුනු 87 ක විශිෂ්ට ජයක් වාර්තා කිරිමට දකුණු අප්රිකා කන්ඩායමට සමත් වුනා.