ඉන්දීයාවේ උපකාරක පන්ති පැවැත්වෙන ස්ථානයක හටගත් ගින්නකින් දරුවන් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉන්දියාවේ ගුජරාට් ප්රාන්තයේ සුරට් නගරයේ පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වෙන ස්ථානයකයි ගින්න හට ගත්තේ. මෙම ගොඩනැගිල්ලේ 03 වන සහ 04 වන මහල ගින්නෙන් හානියට පත් වුණා. තුවාල ලැබූ දරුවන් 20 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. එම දරුවන් අවුරුදු 14 ත් 17 ත් අතර වයස් වල පසුවන්නන් වනවා.
ඇතැම් සිසුන් ගින්නෙන් රීම සදහා ගොඩනැගිල්ලෙන් බිමට පැනීම හේතුවෙන් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. ගින්නට හේතුව මෙතෙක් හෙලි වී නැති අතර ගුජරාට් ප්රාන්තයේ මහඇමති විජේ රූපානි මෙම ගින්න සම්බන්ධයෙන් දින තුනක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද නියෝග කර තිබෙනවා.