බදුරලිය දික්හේන ප්‍රදේශයේ පාසලක් අසල අත්බෝම්බ කිහිපයක් දමා යෑමේ සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුණා. මේ අතර සැකසහිත ආකාරයට වත්කම් උපයාගෙන ඇති බවට ලැබුණ තොරතුරක් මත කුරුනෑගල ප්‍රදේශයේ වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනුණා.
සැකකරු වයස අවුරුදු 32 ක් වන බදුරලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය සදහන් කළේ. බදුරලිය පොලීසිය මේ වන විට ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කෙරෙනවා.
මේ අතර සැක සහිත ආකාරයට වත්කම් උපයාගෙන ඇති බවට ලැබුණු තොරතුරක් මත කුරුනෑගල ප්‍රදේශයේ වෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළා. අදාළ වෛද්‍යවරයා සතු වත්කම් ඔහුට ලැබුණ ආකාරය පිලිබද ප්‍රශ්න කිරීමට සහ ඔහුගේ වත්කම් පිලිබද සොයා බැලීමට මෙලෙස ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම වෛද්‍යවරයා වයස අවුරුදු 42 ක් වන කුරුනෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු කුරුනෑගල රෝහලේ සේවයේ නියුතුව සිටින බවයි පොලීසිය වැඩිදුරටත් සදහන් කළේ.