සහරාන්ගේ කල්ලියට සම්බන්ධ සැකකරුවන්ගේ ගිණුම් 41 ක තිබී රුපියල් මිලියන 134 ක් සොයාගෙන ඇති අතර එම ගිණුම් මේ වන විට අත්හිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.
බදුරලිය දික්හේන ප්‍රදේශයේදී බෝම්බ කිහිපයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරික්ෂණයක් ක්‍රියාත්මක බවයි රුවන් ගුණසේකර මහතා පවසන්නේ. ඒ සදහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා තිබෙනවා. පටු අරමුණු වෙනුවෙන් ක්‍රියාකරන පුද්ගලයන් වෙනුවෙන් දැඩි නීති ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේ.
සොයාගත් බෝම්බ යුද හමුදාව යොදවා නිශ්ක්‍රීය කළ බවයි රුවන් ගුණසේකර මහතා පවසන්නේ.