අගමැති සහ විදේශ තානාපතිවරුන් අතර සාකච්ඡාවක්
Related Articles
මෙරට සිටින විදෙස් තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ සාකච්ඡාවක් පැවැත්වූවා.
අරලියගහ මන්දිරයේ පැවති මෙම විශේෂ සාකච්ඡාවේදී රටේ වර්තමාන ආරක්ෂක තත්ත්වය හා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ පරික්ෂණවල ප්‍රගතිය පිළිබඳ කරුණු ඉදිරිපත් කෙරුණා. මෙම සිද්ධිය උපයෝගි කරගෙන ජාතිවාදී ගැටුම් ඇති කිරීමට උත්සාහ දැරූවන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බව ද එම සාකච්ඡාවේදී අවධාරණය කෙරුණා. ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති අතර උපරිම ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නා.
එම පසුබිම තුළ ශ්‍රී ලංකාවට පනවා ඇති සංචාරක තහනම් නියෝග ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන්ගෙන් අග්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් ද කළා. අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.