fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ගමේ සංවර්ධනයට ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරයෙකුට අගමැතිගෙන් රුපියල් කෝටි 5ක්

ITN News Editor
By ITN News Editor මැයි 24, 2019 16:52

ගමේ සංවර්ධනයට ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරයෙකුට අගමැතිගෙන් රුපියල් කෝටි 5ක්

ග්‍රාමිය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සදහා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයකුට රුපියල් කෝටි 05 බැගින් මුදල් කඩිනමින් නිකුත් කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

ග්‍රාමීය මාර්ග හා යටිතල පහසුකම් නගා සිටුවීම යළි ආරම්භ කිරීම සදහා ලබන සදුදා (27) සිට මෙම මුදල් නිකුත් කරන ලෙසයි  අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙන්නේ. මීට අමතරව පවුල් ලක්ෂ 06 කට අලුතින් සමෘද්ධි හිමිකම් ප්‍රදානය කිරීම මැයි මස 30 වනදා අම්පාරේදී ආරම්භ කිරීමට නියමිතයි.  දින 52 ක රාජපක්ෂ ආණ්ඩුවේ ක්‍රියා කලාප හා පාස්කු ප්‍රහාරයෙන් පසු රටේ කටයුතු  යළි සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙල වහාම ක්‍රියාත්මක කරන ලෙසත් ඒ යටතේ ගම්පෙරළිය,  එන්ටප්‍රයිස් ශ්‍රී  ලංකා ආදී වැඩසටහන් කඩිනමින්  ආරම්භ කරන ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සියලු අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 24, 2019 16:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්