fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්ථාන යොවුන් කණ්ඩායම දිවයිනට

ITN News Editor
By ITN News Editor මැයි 24, 2019 14:34

පාකිස්ථාන යොවුන් කණ්ඩායම දිවයිනට

ශ්‍රී ලංකා යොවුන්  ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන තරග 05කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සදහා පාකිස්ථාන යොවුන් කණ්ඩායම දිවයිනට පැමිණියා.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව මෙරට පැවැත්වෙන පළමු ජාත්‍යන්තර  ක්‍රිකට් තරගාවලිය මෙයයි. ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දරන්නේ නිපුන් ධනංජයයි. රොහායිල් නසීර් පාකිස්තාන යොවුන් කණ්ඩායමට නායකත්වය ලබා දෙනවා.

දෙරට අතර පළමු තරගය  අනිද්දා(26) සුරියවැව ජාත්‍යන්තර ක්‍රිඩාපිටියේදී ආරම්භ වීමට නියමිතයි. තරගාවලිය පිලිබද දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවක්  කොළඹදී පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිළධාරි ජෙරම් ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.  ජයග්‍රාහකයන් සදහා ලබා දෙන කුසලානය ද මෙහිදි ප්‍රදර්ශනය කෙරුණා.

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 24, 2019 14:34

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්