ධීවරයාගෙන් සහ බෝට්ටු හිමියාගෙන් ධීවර සංස්ථාවට ඍජුව මාළු මිළදී ගැනීමේ වැඩපිළිවෙල හෙටින් (25) ආරම්භ වනවා. ඒ තංගල්ල ධීවර වරායෙන්. පළමු පියවර ලෙස ධීවරයන් ලියාපදිංචි කිරිම හෙට(25) සිදුවන බවයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.
අතරමැදියන් හේතුවෙන් ධීවරයන්ට මුදල් අහිමිවීම වළක්වා ගැනීම ද වැඩපිළිවෙල් අරමුණක්. පාරිභෝගික ජනතාවට ද සාධාරණ මිලක් ලබා දීමට ඉන් හැකිවන බවයි අමාත්‍යාංශය සදහන් කළේ. මාළු මිළදි ගැනිමට පෙර තත්ත්ව පාලන නිලධාරියෙකුගේ පූර්ණ අධීක්ෂණයට ලක් කිරිමේ වැඩපිළිවෙලක් ද ආරම්භ කර තිබෙනවා. ඒ වෙනුවෙන් තත්ත්ව සහතික නිලධාරින් පත්කර ඇති බවයි ධීවර සංස්ථාව සදහන් කළේ.