ඇමරිකා ගුවන් ප්‍රහාර වලින් ඇෆ්ගනිස්ථානයේ 14 දෙනෙකු මියගොස් තිබෙනවා. හෙල්මැන් සහ කුනාර් ප්‍රාන්ත වලට ගුවන් ප්‍රහාර දෙකක් එල්ලවී ඇති බවයි වාර්තා වන්නේ.
මියගිය සියලුදෙනා සාමාන්‍ය වැසියන් වන අතර කාන්තාවන් සහ ළමයින් ද ඒ අතර වනවා. ඇෆ්ගනිස්ථානයට එල්ල වන ප්‍රහාර වලින් සිවිල් වැසියන්ට සිදුවන හානි වැඩිවී ඇති බවයි ඇෆ්ගනිස්ථානයේ ජගත් සංවිධාන නියෝජිතයා ප්‍රකාශ කළේ.
මේ වසරේ පළමු මාස තුනේදී පමණක් ඇමරිකාව සහ රජයට පක්ෂපාතී හමුදා ප්‍රහාර වලින් සාමාන්‍ය වැසියන් 305 දෙනෙකු මියගොස් තිබෙනවා.