වැල්ලවාය බෝගහපතල රක්ෂිතයේ හටගත් ගින්නෙන් අක්කර 50 කට ආසන්න භූමි ප්රදේශයක් විනාශ වී තිබෙනවා.
ඊයේ දහවල් හටගත් ගින්න රක්ෂිත පුරා වේගයෙන් පැතිර ගොස් ඇති අතර මේ වනවිටත් තැනින් තැන ගිනි ගැනීම් සිදුවන බවයි අප වාර්තාකරු ප්රකාශ කළේ.
වන සංරක්ෂණ නිලධාරීන් සහ ප්රදේශවාසීන් ගින්න මැඬපැවැත්වීමට උත්සාහ කළ ද දැඩි වියළි කාලගුණය සහ සුළං තත්වය නිසා එය අපහසුවී තිබෙනවා.
වසර සිය දහස් ගණනක් පැරණි ශාක සහ ඖෂධීය වටිනාකමින් යුත් පැළෑටි මෙන්ම ගස් වර්ග රැසක් මෙම රක්ෂිතයේ පවතින බවයි වන සංරක්ෂණ නිලධාරීන් පෙන්වාදෙනවා.