පාසල්වල ආරක්ෂාව සදහා බව පවසමින් දරුවන් සහ මව්පියන් හිරිහැරයට ලක් නොකරන ලෙස අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
ආරක්ෂාව සඳහා බව පවසමින් විනිවිද පෙනෙන පාසල් බෑග් හා ආරක්ෂක උපකරණ මිලදි ගැනීම සදහා ඇතැම් කණ්ඩායම් මුදල් එකතු කරන බවට තොරතුරු හෙලිවුණා. ඉන් අනතුරුවයි මේ පිළිබඳ අමාත්‍යවරයාගේ අවධානය යොමු වුණේ.
එවැනි කණ්ඩායම් හා පුද්ගලයින් පිළිබඳ තොරතුරු ඇත්නම් 1988 දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා.
මේ අතර විනිවිද නොපෙනෙන පාසල් බෑග් රැගෙන ආ මාවනැල්ල මයුරපාද විද්‍යාලයේ සිසුන් අපහසුතාවට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා වාර්තාවක් කැදවා තිබෙනවා. මාවනැල්ල කලාප අධ්‍යාපන කාර්යාලය ද මේ පිළිබඳ පරික්ෂණයක් ආරම්භ කර තිබෙන බවයි කලාප අධ්‍යාපන අධ්යක්ෂ මාධවී වෙළගෙදර මහත්මිය කියා සිටියේ.