අධික උෂ්ණත්වය හේතුවෙන් ඊශ්රායලයේ ප්රදේශ කිහිපයක ලැව්ගිනි හට ගෙන තිබෙනවා.
ලැව්ගිනිවලින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ජෙරුසලෙම හා ටෙල්අවීව් යන ප්රදේශවලටයි. ටෙල්අවීව් හි උෂ්ණත්වය සෙල්සියස් අංශක 43.5ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජෙරුසලෙමේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37.5 ක්. නිවාස කිහිපයක් ගින්නෙන් විනාශ වී තිබෙනවා. පුද්ගලයින් 3500ක් පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බව සදහන්.