ප්රදේශ දෙකක සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවක ජීවිතක්ෂයට පත්වී පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලැබුවා.
මාරවිල උඩුබද්දාව මාර්ගයේ දී නාත්තන්ඩිය දෙසට ධාවනය වූ බස් රථයක් ඉදිරියෙන් පැමිණි ත්රිරෝද රථයක ගැටීමෙන් අනතුරක් සිදුවුණා. ඉන් ත්රිරෝද රථයේ ගමන්කළ කාන්තාවක් බරපතල තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වුණා. අනතුරෙන් මිය ගියේ වයස අවුරුදු 62ක් වූ කොළනිය ඇතුන්ගහකොටුව ප්රදේශයේ පදිංචිකාරියක්.
මේ අතර රත්නපුර ඇඹිලිපිටිය ප්රධාන මාර්ගයේ ගොඩකවෙල ගලහිටිය ප්රදේශයේ දී බස් රථයක් මාර්ගයේ නවතා තිබූ කන්ටේනර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුවුණා. අනතුරින් බස් රථයේ ගමන්ගත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලැබුවා. අවිස්සාවේල්ල ප්රදේශයේ මංගල උත්සවයකට සහභාගී වී යමින් සිටි පිරිසකුයි මෙසේ අනතුරට ලක්වුණේ. තුවාල ලැබූවන් අතර කාන්තාවන් 11 දෙනෙකු සහ කුඩා ළමුන් තුන්දෙනෙකු ද වනවා. ඔවුන් ගොඩකවෙල හා කහවත්ත රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.