fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජයග්‍රහණයෙන් පසු මෝදි ජනතාව අමතා කියූ දේ

ITN News Editor
By ITN News Editor මැයි 24, 2019 09:33

ජයග්‍රහණයෙන් පසු මෝදි ජනතාව අමතා කියූ දේ

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජනතාව අමතමින් සදහන් කළේ තමා ලද ජයග්‍රහණය ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් බවයි. භාරතීය ජනතා පක්ෂ ප්‍රධාන කාර්යාලයේ දීයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

තවත් වසර 5ක් ඉන්දියාව පාලනය කිරීමට ජනතාව තමාට ලබා දුන් සහයෝගය වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය ස්තූතිය පළකළා.  තම සිරුරේ සෑම සෛලයක්ම ජාතිය වෙනුවෙන් කැප කරන බවත් දීප්තිමත් අනාගතයක් රටට උදාකරන බවත් මෙහිදී ඔහු කියා සිටියා. මෙය  මෝදිගේ ජයග්‍රහණයක් නොව ජනතාවගේ බලාපොරොත්තු සහ සිහිනවල ජයග්‍රහණයක් බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සදහන් කළේ.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 24, 2019 09:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්