fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව එක්වන පළමු පුහුණු තරගය අද

ITN News Editor
By ITN News Editor මැයි 24, 2019 09:26

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව එක්වන පළමු පුහුණු තරගය අද

එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු පුහුණු තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකා කණ්ඩායම සමඟින් අද එක්වනවා.

එංගලන්තයේ පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය තවත් දින හයකින් ආරම්භ වනවා. ඊට එක්වන කණ්ඩායම් දහය තරගාවලි ආරම්භයට පෙර පුහුණු තරග දෙකකට එක්වනවා. ශ්‍රී ලංකා කණ්ඩායම එක්වන පළමු පුහුණු තරගය දකුණු අප්‍රිකා කණ්ඩායම සමඟින් අද කාඩිෆ් හිදී පැවැත්වෙනවා.

මෙරට වේලාවෙන් පස්වරු තුනටයි තරගය ආරම්භ වන්නේ. ඒ සදහා ස්කොට්ලන්තය සමග පැවති අවසන් එක්දින තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කිසිදු වෙනසකින් තොරව එක්වනු ඇති. තරගය සදහා සූදානම්කර ඇති තණ තීරුවද පිතිකරුවන්ට වඩා යෝග්‍ය වන බවයි වාර්තා වන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 24, 2019 09:26

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්