fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජනපති සමාවෙන් ඥානසාර හිමිට නිදහස

ITN News Editor
By ITN News Editor මැයි 23, 2019 18:23

ජනපති සමාවෙන් ඥානසාර හිමිට නිදහස

සිරදඬුවම් ලබමින් සිටි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලැබුවා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට පසුගිය වසරේ අගෝස්තු 8 වනදා බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කෙරුණා. ඒ අනුව සිරදඬුවම් විදිමින් සිටි උන්වහන්සේ ජනාධිපති පොදු සමාව යටතේ අද නිදහස ලැබුවා. ආරක්ෂක හේතූන් මත බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුවෙන් නොව වෙනත් දොරටුවකින් උන්වහන්සේ පිටතට වැඩම කරවනු ලැබුවා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 23, 2019 18:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo