fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කාන්තාවන් වඳ භාවට පත්කළ බව කියවෙන පුවත්පත් වාර්තාව ගැන විශේෂ පරීක්ෂණයක්

ITN News Editor
By ITN News Editor මැයි 23, 2019 18:38

කාන්තාවන් වඳ භාවට පත්කළ බව කියවෙන පුවත්පත් වාර්තාව ගැන විශේෂ පරීක්ෂණයක්

තව්හිත් ජමාද් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයෙක් කාන්තාවන් හාර දහසක් වඳ භාවයට පත්කළ බවට ජාතික පුවත්පතක පළවූ ප‍්‍රවෘත්තියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරන බව පොලිසිය ප‍්‍රකාශ කළා. එවැනි වඳභාවයට පත් කිරිමක් පිළිබද සිද්ධියක් ගැන කිසිදු පැමිණිල්ලක් මෙතෙක් ලැබී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුනසේකර මහතා පවසන්නෙ.

මෙම ප‍්‍රවෘත්තිය පිළිබද සම්පූර්ණ වගකිම පුවත්පත සහ එම මාධ්‍යවේදියා භාරගත යුතු බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා අවධාරණය කළා.

පොලිස් මාධ්‍යප‍්‍රකාශකවරයා මෙම අදහස් පළකළේ ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය කේන්ද්‍රයේ අද (23) පස්වරුවේ පැවිත ප‍්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

අකුරැස්ස ප‍්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් වැටලීමකට ගොස් වෙඩි ප‍්‍රහාරයට ලක්ව මියගිය පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් ද රුවන් ගුණසේකර මහතා එහිදි අදහස් පළකළා. වෙඩි ප‍්‍රහාරය එල්ල කළ සැකකරු හදුනාගෙන ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනිම සදහා කණ්ඩායමක් යොදවා ඇති බවත් රුවන් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළා.

මියගිය පොලිස් නිලධාරියාගේ පවුලේ සුභසාධනය වෙනුවෙන් උපරිම පියවර ගන්නා බවයි මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළේ.

 

ITN News Editor
By ITN News Editor මැයි 23, 2019 18:38

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්