නිල්වලා ගඟ ආශ්රිත පහත්බිම්වල ජීවත්වන ජනතාව මුහුණදෙන ගංවතුර තර්ජනය පාලනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළා.
සති අන්තයේදී ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සදහා පියවර ගෙන තිබෙනවා. ගංඉවුරු ආරක්ෂා කිරිම සදහා පැති බැමි යෙදීම හා ගල්බැමි දැමීමද ඊට අයත්. දීර්ඝ කාලයක සිට ජනතාව මුහුණදෙන ගැටලුවලට විසදුම් ලබාදීම අරමුණ බවයි අමාත්‍යවරයා සදහන් කළේ.