අනවසරයෙන් හක් බෙල්ලන් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු මන්නාරම තාරපුරම් ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නාවික හමුදාව සහ මන්නාරම පොලිසිය එක්ව සිදුකළ සෝදිසි කිරිමකින්. තාරපුරම් හන්දියේ මාර්ග බාධකයේදි කැබ් රථයක් පරීක්ෂා කර තිබෙනවා. එහි හක් බෙල්ලන් 2500ක් ප්‍රවාහනය කරමින් තිබු බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සදහන් කළේ. සැකකරු පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඉදිරි පරීක්ෂණ සදහා ඔහු මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදුන් බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය පවසන්නෙ.