ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා නව නීති පැනවීමට බ්‍රිතාන්‍යයේ අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට ප්ලාස්ටික් හැඳි , කන් පිරිසිදු කිරීම සඳහා යොදාගන්නා කපු පුළුන් සහිත කුඩා ප්ලාස්ටික් බට ඇතුලු තවත් ප්ලාස්ටික් උපකරණ කිහිපයක් තහනම් කිරීමටයි බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබෙන්නේ. බ්‍රිතාන්‍යයේ වසරකට ප්ලාස්ටික් හැඳි බිලියන 4 යි දශම හතක් භාවිතයට ගන්නා බව හෙළිව තිබෙනවා. එමෙන්ම කුඩා ප්ලාස්ටික් බට බිලියන එකයි දශම අටක් භාවිත කරන බවයි බ්‍රිතාන්‍ය පවසන්නේ.