ඉන්දීය මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළ නරේන්ද්‍ර මෝදි මහතාට ශ්‍රි ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් පිරිනමා තිබෙනවා. ඉන්දියාව සමග පවතින සබදතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට අපේක්ෂා කරන බවයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා සදහන් කළේ.
මේ අතර නරේන්ද්‍ර මෝදි මහතා ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණය පිලිබදව සිය සුබපැතුම් පළකරන බව රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. ඉන්දියාව සමග ඉදිරියටත් සමීපව කටයුතු කිරිමට බලාපොරොත්තු වන බවයි අග්‍රාමාත්‍යවරයා සිය සුබ පැතුම් පණිවිඩය නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙන්නේ.