fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ත‍්‍රිවිධ හමුදාවේ දීමනා වැඩිකෙරේ

ITN News Editor
By ITN News Editor මැයි 23, 2019 12:13

ත‍්‍රිවිධ හමුදාවේ දීමනා වැඩිකෙරේ

ත‍්‍රිවිධ හමුදාවේ සලාක හා අනෙකුත් දීමනා වැඩිකළ බව මුදල් අමාත්‍යාංශය ප‍්‍රකාශ කළා. ඒ 2019 අයවැය යෝජනා අනුව.

ජනවාරි මාසයේ සිට ක‍්‍රියාත්මක වන පරිදි නිලධාරීන්ගේ දීමනා රුපියල් විසිතුන් දහස් දෙසීය තිස්එක දක්වා වැඩිකර තිබෙනවා. සෙසු නිලයන්ගේ මාසික දීමනාව දහනව දහස් තුන්සිය පනහා දක්වා වැඩිකළ බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ. ත‍්‍රිවිද හමුදා සාමාජිකයන්ට ගෙවන ගෙවල් කුලී දිමනාව ද දෙගුණ කර තිබෙනවා.

නාවික හා ගුවන් හමුදාවේ සමාන නිලධාරීන් ද ඇතුලත්ව කමාන්ඩෝ දීමනාව මසකට රුපියල් දහසේ සිට පන්දහස දක්වා වැඩිකළ බවයි මුදල් අමාත්‍යාංශය පවසන්නේ.

ITN News Editor
By ITN News Editor මැයි 23, 2019 12:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්