බලපත්ර නොමැතිව මැණික් ගැරූ සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්රකාශ කළා. ඒ බගවන්තලාව පොලිස් වසමේ ශ්රීපාද රක්ෂිතයේදී.
ඔවුන් ලබන අඟහරුවාදා හැටන් මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය පවසන්නේ. එතෙක් එම පස් දෙනා ඇප මත මුදාහැර තිබෙනවා. උපකරණ තොගයක් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.