ඉන්දීය මහමැතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඑල අනුව අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්රමුඛ භාරතීය ජනතා පක්ෂය ජය හිමිකරගෙන තිබෙනවා. මේවන විට ඔවුන් ආසන 300 කට වැඩි සංඛ්‍යාවක් හිමිකරගෙන ඇති බවයි ඉන්දීය වාර්තා සදහන් කළේ.
පසුගිය අපේ‍්‍රල් 11 වනදා ආරම්භ වූ ඡන්දය අදියර 7 ක් ඔස්සේ පැවැත්වුණා. ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව මිලියන 900 ක්. අපේක්ෂකයන් අටදහසකට වැඩි පිරිසක් ඒ සදහා ඉදිරිපත් වුණා. රජයක් පිහිටුවීම සදහා අවශ්‍ය ආසන සංඛ්‍යාව 272 යි. පසුගිය මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය ආසන 282 ක් ලබා රජයක් පිහිටුවීමට සමත්වුණා. එවර ඉන්දීය කොංග්‍රසයට හිමිවුණේ ආසන 44 ක් පමණයි. එහෙත් මෙවර ඔවුන්ට වැඩි ආසන සංඛ්‍යාවක් හිමිවන බවයි එරට මාධ්‍ය පවසන්නේ.
මැතිවරණ පොරොන්දු රැසක් සමගින් මෙවර ඉන්දීය දේශපාලන පක්ෂ ඡන්ද විමසීමට එක්වුණා. ගොවීන්ගේ ආදායම් වැඩිකිරිම , ආර්ථිකය ශක්තිමත් කිරිම, අධ්‍යාපන වෙනස්කම් හා කාන්තාවන් සවිබල ගැන්විමත් ඊට අයත්. මෙවර සියයට 67 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශයට පත්කර ඇති බවයි ඉන්දීය මැතිවරණ කොමිසම සදහන් කළේ. ඉන්දියාවේ අමාත්‍යවරුන් රැසක්ම අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට සුබ පැතුම් එක්කර තිබෙනවා. ඔහුගේ පාලන සමය පිලිබදව ජනමත විචාරණයක් ලෙසට මෙවර මැතිවරණය සැලකිය හැකි බවයි ඉන්දීය දේශපාලන විචාරකයන් සදහන් කළේ.