ඉන්දීය මහ මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල අද නිකුත් කිරීමට නියමිතයි.
පසුගිය අප්‍රේල් 11 වනදා ආරම්භ කළ ඉන්දීය මහ මැතිවරණයේ ඡන්ද විමසීම මැයි 19 වනදා අවසන් වුණා.
අදියර හතක් යටතේයි ඡන්ද විමසීම සිදු වුණේ. මෙවර මහ මැතිවරණය සදහා ඡන්ද දායකයින් මිලියන 900 ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබුණා.
වර්තමාන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට මැතිවරණයේ වැඩි වාසි හිමිවනු ඇති බවයි විශ්ලේෂකයින් සදහන් කරන්නේ.