fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ආරක්ෂාවට පවතින අභියෝගවලට එරෙහිව සටන් කිරීමට ඉන්දියාවත් සූදානම්

ITN News Editor
By ITN News Editor මැයි 22, 2019 19:10

ආරක්ෂාවට පවතින අභියෝගවලට එරෙහිව සටන් කිරීමට ඉන්දියාවත් සූදානම්

පසුගිය 21 වනදා ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග ත්‍රස්තවාදය පරාජය කිරීම වෙනුවෙන් සටන් කිරීමට දැඩි අධිෂ්ඨානයක් ඇති වූ බව ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය ප්‍රකාශ කළා.

සුෂ්මා ස්වරාජ් මහත්මිය මේ බව ප්‍රකාශ කළේ කිර්කිස්ථානයේ පැවති විදේශ අමාත්‍යවරුන්ගේ ෂැන්හයි සහයෝගීතා සංවිධානයේ දෙදින සාකච්ඡාවකට එක්වෙමින්. ඇය ඉන්දියාවේ පුල්වාමා සහ ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග ත්‍රස්තවාදය පරාජය කිරීමට මෙම සංවිධානයේ සාමාජික රටවල්වල සහයෝගය ඉල්ලා සිටියා. කලාපයේ ත්‍රස්තවාදය හා ආරක්ෂාවට පවතින අභියෝගවලට එරෙහිව සටන් කිරීමට ඉන්දියාව සූදානම් බව ඇය මෙහිදී කියාසිටියා. තවද ඇෆ්ගනිස්ථානයේ කලාපීය සම්බන්ධතාවය සාමය සදහා ඉන්දියාව කැපවී සිටින බවත් ඇය මෙහිදී ප්‍රකාශ කළා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 22, 2019 19:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්