තීරණාත්මක ඉන්දීය මහ මැතිවරණයේ ප්‍රතිඵල හෙට නිකුත් කිරීමට නියමිතයි.
17 වන ඉන්දීය ලෝක් සභාව සදහා සාමාජිකයන් තෝරා පත් කර ගැනීම සදහා මැතිවරණය ආරම්භ කළේ පසුගිය අප්‍රේල් 11 වනදායි. අදියර 7 කින් යුත් ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් වුණේ මැයි මස 19 වනදායි. ඡන්දය ප්‍රකාශ කිරීම සදහා මිලියන 900 ක ජනතාවක් සුදුසුකම් ලබා සිටියා. මේ වන විට ඉලෙක්ට්‍රොනික් උපකරණ මගින් ඡන්ද ගණනය කර අවසන්ව ඇති අතර ඒවා තහවුරු කර ගැනීම සදහා තවත් උපකරණ භාවිත කරමින් හෙට දිනයේදී ඡන්ද ගණන් කිරීමට නියමිතයි. එම උපකරණ කිහිපයක සිදු වූ දෝෂ හේතුවෙන් ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම පැය 5 ක හෝ 6 ක කාලයක් ප්‍රමාද විය හැකි බවයි ඉන්දීය මැතිවරණ කාර්යාලය පවසන්නේ. පාලක භාරතීය ජනතා පක්ෂයට මැතිවරණය ජයග්‍රහණය කිරීම සදහා වැඩි ඉඩකඩක් පවතින බවටයි දේශපාලන විචාරකයින් පවසන්නේ. එසේ වුවහොත් වර්තමාන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි නැවතත් සිය දෙවන ධූර කාලය සදහා අග්‍රාමාත්‍ය ධූරයට පත්වනු ඇති.