වැලිගම නගර සභාවේ සභාපති රොහාන් ජයවික්‍රම මහතාගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය වහාම අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා. පක්ෂයේ ඉහළ නායකත්වය අනවශ්‍ය ලෙස විවේචනයට ලක් කිරීම ඊට හේතුව බවයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසන්නේ. පසුගිය කාල සීමාවේදී සමාජ මාධ්‍ය ජාල භාවිත කරමින් රොහාන් ජයවික්‍රම මහතා එක්සත් ජාතික පක්ෂයේ ඉහළ නායකත්වය අනවශ්‍ය ලෙස විවේචනයට ලක් කර තිබෙනවා.