fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොච්චිකඩේ දේවස්ථානයේ නව තුන්මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ඇරඹේ

ITN News Editor
By ITN News Editor මැයි 22, 2019 18:55

කොච්චිකඩේ දේවස්ථානයේ නව තුන්මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ඇරඹේ

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශ වූ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ නව තුන්මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අද ආරම්භ කෙරුණා.

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නියෝජනය කරමින් රෝමයේ සිට පැමිණි අතිඋතුම් කාදිනල් ෆිලෝනි ෆර්ඩිනැන්ඩු  හිමිපාණන්, කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පාලක ජූඩ් රාජ් ප්‍රනාන්දු පියතුමා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙනුයි මෙම කටයුතු ආරම්භ කෙරුණේ.

කෞතුකාගාරය, දිවා ආහාර දානමය මධ්‍යස්ථානය සහ මුලුතැන්ගෙයකින් සමන්විතව මෙය ඉදිකෙරෙනවා. ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා කොළඹ වරායට අයත් පර්චස් හයක ඉඩමට ලබාදීමට අදාළ ලිපි අමාත්‍ය සාගල රත්නායක මහතා අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට පිරිනැමුවා.  නාවික හමුදා ශ්‍රම දායකත්වයෙනුයි මෙම ගොඩනැගිල්ල ඉදිකෙරෙන්නේ.විනාශයට පත් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදන මත සිදුකෙරෙනවා.

ඊට අදාළ චෙක්පත අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අගරදගුරු හිමිපාණන් වෙත ලබාදුන්නා. දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා මූලිකත්වය ගෙන ක්‍රියා කිරීම පිළිබද අගරදගුරු හිමිපාණන් අමාත්‍යවරයා වෙත ස්තූතිය පළකළා. අතිඋතුම් අතිඋතුම් කාදිනල් ෆිලෝනි ෆර්ඩිනැන්ඩු  හිමිපාණන් මෙහිදී ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත් කිතුනු ජනතාවගේ සුවදුක් විමසා බැලීමට ද කටයුතු කළා.

 

ITN News Editor
By ITN News Editor මැයි 22, 2019 18:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්