fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශපාලන වාසි තකා ව්‍යාපාරවලට ප‍්‍රහාර එල්ල කරන්නන්ට දැඩි දඬුවම්

ITN News Editor
By ITN News Editor මැයි 22, 2019 18:28

දේශපාලන වාසි තකා ව්‍යාපාරවලට ප‍්‍රහාර එල්ල කරන්නන්ට දැඩි දඬුවම්

දේශපාලන වාසි තකා ව්‍යාපාරවලට එල්ල කරන ප්‍රහාරවලට එරෙහිව දැඩි පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා. වාණිජ මණ්ඩලය සංවිධානකළ හමුවකට එක්වෙමන් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සංවිධාන කළ මෙම හමුවේදී පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ව්‍යාපාර ක්ෂේත්‍රයේ පැනනැගී ඇති ගැටලු හා ඊට ලබාදිය හැකි විසදුම් පිළිබද අවධානය යොමුකෙරුණා. එම මණ්ඩලයේ සභාපති අසේල ඩී ලිවේරා මහතා ද ව්‍යාපාරික සංගම් නියෝජිතයින්ද මීට එක්ව සිටියා. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා කියාසිටියේ ඕනෑම ක්ෂේත්‍රයක් සදහා ආරක්ෂක උපකරණ ගෙන්වීමට බදු සහන ලබාදී ඇති බවයි.

 

ITN News Editor
By ITN News Editor මැයි 22, 2019 18:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්