fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාතියට ආගමට වෙන් නොවූ පොදු පාසල් ක්‍රමයක්

ITN News Editor
By ITN News Editor මැයි 22, 2019 18:32

ජාතියට ආගමට වෙන් නොවූ පොදු පාසල් ක්‍රමයක්

ආගම් හා ජාතිය පදනම් කර නොගත් පොදු පාසල් ක්‍රමයක් ඉදිරි වසර දෙක තුළ ස්ථාපිත කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ශ්‍රී ලාංකීය අනන්‍යතාව පදනම් කරගනිමින් රටේ අධ්‍යාපන ක්‍රමය ඉදිරියට ගෙන යාමට පියවර ගන්නා බවයි අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් පූජ්‍ය ආචාර්ය මාඹුල්ගොඩ සුමනරතන ස්වාමීන් වහන්සේ ද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එම් එන් රණසිංහ, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ටී ඒ ආර් ජයන්ති ගුණසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 22, 2019 18:32

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo