fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇප මත මුදා හැර සිටි තඹ කම්හලේ සේවකයින් අට දෙනාට නොතීසි

ITN News Editor
By ITN News Editor මැයි 22, 2019 16:12

ඇප මත මුදා හැර සිටි තඹ කම්හලේ සේවකයින් අට දෙනාට නොතීසි

අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධව සැක පිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි වැල්ලම්පිටිය තඹ කම්හල් සේවකයින් අට දෙනාට ලබන 27 වනදා අධිකරණයේ පෙනී සිටීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නොතීසි නිකුත් කළා.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 09 දෙනෙකු ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබුණද එක් සැකකරුවකු ඇප කොන්දේසි සම්පූර්ණ කර නොමැති වීමෙන් ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත ව සිටිනවා. අනෙකුත් සැකකරුවන්   අට දෙනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සදහා ඔවුන් අධිකරණයට කැදවීමට අවශ්‍ය බව වැල්ලම්පිටිය පොලීසිය අධිකරණයට දැනුම් දී තිබුණා.

 

ITN News Editor
By ITN News Editor මැයි 22, 2019 16:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්