fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ක්‍රීඩා සංගම් මූල්‍ය විගණන කටයුතු සදහා මෘදුකාංගයක්

ITN News Editor
By ITN News Editor මැයි 22, 2019 14:41

ක්‍රීඩා සංගම් මූල්‍ය විගණන කටයුතු සදහා මෘදුකාංගයක්

ක්‍රීඩා සංගම් මූල්‍ය විගණන කටයුතු සදහා මෘදුකාංගයක් හදුන්වා දීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍යාංශයේ ලියාපදිංචි ක්‍රීඩා සංගම් ගණන 64ක්.  එම සංගම් සෑම වසරකම පෙබරවාරි 28 වනදාට පෙර පසුගිය වසරේ ගිණුම් විගණකාධිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුයි. එම දෙපාර්තමේන්තුව විගණනය කළ ගිණුම් නොමැතිව නිලවරණ පැවැත්වීමේ හැකියාවක් නැහැ. කෙසේ වෙතත් බොහෝ සංගම් මූල්‍ය විගණන කටයුතු ඉදිරිපත් කිරීමේදී ප්‍රමාදයන් සිදු වනවා. එය වළක්වා ගනිමින් නියමිත කාලයේදී විගණන කටයුතු අවසන් කිරීම සදහා උපකාරී වන මෘදුකාංගයක් හදුන්වාදීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

එහි අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල මහතා අයිටීඑන් ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ එම මෘදුකාංගය ජූලි 31 වනදා ට පෙර ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවයි.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 22, 2019 14:41

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්