fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉන්දුනීසියා විපක්ෂ ආධාරකරුවන් කලහකාරී හැසිරීමක

ITN News Editor
By ITN News Editor මැයි 22, 2019 13:28

ඉන්දුනීසියා විපක්ෂ ආධාරකරුවන් කලහකාරී හැසිරීමක

ඉන්දුනීසියා ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව එරට විපක්ෂයේ ආධාරකරුවන් කලහකාරී ලෙස හැසිරෙන බව වාර්තා වනවා.

ඊයේ පැවති ඡන්ද ප්‍රතිඵල දැනුම් දීමට අනුව ජනාධිපති ජොකෝ විදෝදෝ ජයග්‍රහණය කළා. එහෙත් විපක්ෂයේ ආධාරකරුවන් මාර්ගයේ නවතා තිබූ රථවාහනවලට ගිනි තබමින් කඩ සාප්පුවලට අලාභහානි කරමින් කලහකාරී ලෙස හැසිරී තිබෙනවා. තත්ත්වය පාලනය කිරීමට ඉන්දුනිසියා පොලීසියට කදුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමට ද සිදුවුණා. මෙම විරෝධතා සදහා ඉන්දුනීසියාවේ ජකර්තා නුවරට දහසකට වැඩි විරෝධතාකරුවන් එක්ව සිටි බවයි වාර්තා වන්නේ. ඔවුන්ගෙන් හැට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 22, 2019 13:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්