fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සීගිරිය නැරඹීමට සංචාරකයින් රැසක්

ITN News Editor
By ITN News Editor මැයි 22, 2019 12:33

සීගිරිය නැරඹීමට සංචාරකයින් රැසක්

සීගිරිය නැරඹීමට මේ දිනවල විදෙස් සංචාරකයින් වැඩි වශයෙන් පැමිණෙනවා. යහපත් ආරක්ෂක තත්ත්වයක් පවතින බැවින් සීගිරිය නැරඹීමට තමන් මෙසේ පැමිණි බවයි එම සංචාරකයින් පවසන්නේ.

පසුගිය දින කිහිපය තුළ සීගිරිය නැරඹීමට විදෙස් සංචාරකයින් වැඩි වශයෙන් එක්ව සිටියා. ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ප්‍රංශය හා ජර්මනිය යන රටවල විදේශිකයින් තම පවුල්වල සාමාජිකයින්ද සමග මෙසේ පැමිණ සිටින අයුරු දක්නට ලැබුණා. ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය පිළිබද සෑහීමකට පත්ව තමන් මෙසේ සංචාරය කිරීමට එක් වූ බවයි එම විදෙස් සංචාරකයින් කියා සිටියේ.

ITN News Editor
By ITN News Editor මැයි 22, 2019 12:33

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්