පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග තහනම් කෙරුණු සංවිධාන පිළිබද ගැසට් පත්‍රය නිකුත් කර ඇති බවට ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලය දැනුවත් කළා. මේ අතර ත්‍රස්ත ප්‍රහාරවලින් සිදුවූ හානි වෙනුවෙන් ගෙවීමට තීරණය කළ ක්‍රමවේදය යටතේම පසුගියදා සිදුවූ ගැටුම්වලින් හානි වූ ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණයට හා සිදුවූ හානිවලට වන්දි ගෙවීමට අග්‍රාමාත්‍යවරයා කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කළා.
ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතට පත්ව ඇති සමස්ත පවුල් සංඛ්‍යාව 344 ක්. ඉන් පවුල් 156 ක එක් මරණයක් හෝ සිදුවී තිබෙනවා. පවුල් 188 කින් එක් පුද්ගලයෙකු හෝ තුවාල ලබා ඇති බවයි කැබිනට් මණ්ඩලය හමුවේ ප්‍රකාශ වුණේ. මෙම පවුල් සවිබල ගැන්වීම සදහා කතෝලික සභාවේ සමාජ සේවා ආයතනයක් වන සෙත් සරණ ආයතනයේ සම්බන්ධීකරණයෙන් නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය මගින් ස්වශක්ති මානව සංවර්ධන විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනු ඇති.