fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්තානයේ රටෝඩෙරෝ නගරයේ HIV ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙයි

ITN News Editor
By ITN News Editor මැයි 22, 2019 11:40

පාකිස්තානයේ රටෝඩෙරෝ නගරයේ HIV ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙයි

පාකිස්තානයේ රටෝඩෙරෝ නගරයේ එච් අයි වී වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නට පටන්ගෙන තිබෙන  බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

පසුගිය පෙබරවාරි මාසයේ සිට මෙම වෛරසය ව්‍යාප්ත වන්නට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එච් අයි වී වෛරසයට බහුලව ගොදුරුවී ඇත්තේ එම නගරයේ සිටින දරුවන් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. මේ හේතුවෙන් විශාල පිරිසක් දරුවන් රැගෙන රෝහල් වෙත යන ආකාරය දැකගන්නට ලැබෙනවා. පසුගිය මාසයේදී මෙම වෛරසයට ගොදුරු වූ පුද්ගලයින් 607 දෙනෙකුට වැඩි පිරිසක් වාර්තා වුණා. ඉන් 75% ක් දරුවන් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor මැයි 22, 2019 11:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්