fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ස්කොට්ලන්තය සමඟ පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයේ ජය ශ්‍රී ලංකාවට

ITN News Editor
By ITN News Editor මැයි 22, 2019 11:00

ස්කොට්ලන්තය සමඟ පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයේ ජය ශ්‍රී ලංකාවට

ස්කොට්ලන්ත කණ්ඩායම සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 35 කින් ජය ගනිමින් තරගාවලිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

ස්කොට්ලන්තයේ එඩින්බර්ග් හි පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට ස්කොට්ලන්ත කණ්ඩායම තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දීමට අවිශ්ක ප්‍රනාන්දු හා නායක දිමුත් කරුණාරත්න සමත්වුණා. පළමු කඩුල්ලට ඔවුන් දෙදෙනා ලකුණු 123 ක් ලබා ගත්තා. දිමුත් ලකුණු 77 ක් හා අවිශ්ක ලකුණු 74 ක් ඉනිමට එක්කළා. කුසල් මෙන්ඩිස් ලකුණු 66 ක් හා ලහිරු තිරිමාන්න නොදැවී ලකුණු 44 ක් ලබා ගත්තා. මේ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 322 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ස්කොට්ලන්ත කණ්ඩායමට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. මේ අනුව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණය සදහා ඔවුන් ලබාගතයුතු වූ ඉලක්කය පන්දුවාර 34 දී ලකුණු 235 ක්. එහිදී මැතිව්ස් ක්‍රොස් ලකුණු 55 ක් ලබාගත් අතර ජෝර්ජි මුන්සෙ ලකුණු 61 යි. ස්කොට්ලන්ත ඉණිම බිදදැමූ නුවන් ප්‍රදීප් කඩුලු 4 ක් දවාගනිද්දී සුරංග ලක්මාල් කඩුලු 2 ක් දවාගත්තා. මේ අනුව පන්දුවාර 33 යි පන්දු 2 ක් අවසානයේ සියලු දෙනා දැවී ස්කොට්ලන්ත කණ්ඩායමට ලබාගත හැකිවුණේ ලකුණු 199 ක් පමණයි. තරගයේ වීරයා සම්මානය නුවන් ප්‍රදීප් හිමිකර ගත්තා.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 22, 2019 11:00

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්