fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිදන් හෑරීමේ නිරතව සිටි සැකකරුවන් 7ක් අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor මැයි 22, 2019 10:41

නිදන් හෑරීමේ නිරතව සිටි සැකකරුවන් 7ක් අත්අඩංගුවට

බකමූණ ඇළහැර කුමාරඇල්ල ප්‍රදේශයේ නිදන් හෑරීමේ නිරතව සිටි සැකකරුවන් හත් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආහාර නිෂ්පාදන ආයතනයක් හා පානීය ජල බෝතල් නිෂ්පාදන ආයතනයක් පවත්වාගෙන යන මුවාවෙන් සැකකරුවන් වසර තුනහමාරක කාලයක් තිස්සේ මෙම ප්‍රදේශයේ නිදන් හෑරීමේ නිරතව සිටි බව පොලිසිය පවසනවා. දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ වන විට ඔවුන් විශාල කළු ගලක අඩි 60 ක් පමණ ගැඹුරට ද්‍රෝනාවක් හාරා නිදන් හාරමින් සිටි බවයි පොලිසිය පවසන්නේ.

ගල් පිපිරවීමට උපයෝගී කර ගන්නා වෙඩි බෙහෙත් වයර් ඇතුළු තවත් උපකරණ තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. මොවුන් සිදුකළ කැණීම් සම්බන්ධයෙන් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පුළුල් පරික්ෂණ ක්‍රියාත්මක කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

 

 

ITN News Editor
By ITN News Editor මැයි 22, 2019 10:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්