පාස්කු ඉරිදා එල්ල වු ත්රස්ත ප්රහාරය මෙරට අවසන් ත්රස්තවාදය බවට පත් කිරීම රජයේ ප්රමුඛ කාර්ය සේ සලකා කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්රී එස් එම් මරික්කාර් මහතා පවසනවා. කොළොන්නාවේ පැවති ආගමික උත්සවයකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
පාර්ලිමේන්තු මන්ත්රී එස් එම් මරික්කාර්,
[ot-video type=”youtube” url=”https://youtu.be/X9kIVvGUo1I”]
කොළොන්නාව නගර සභාවේ මෙහෙය වීමෙන් සර්ව ආගමික වැඩසටහනක් එම නගර සභා පරිශ්රයේ දී පැවැත්වුණා. එහි සභාපති වී එස් ගුත්තිල සිල්වා මහතා ගේ උපදෙස් මත පැවති එම වැඩසටහනේදී ත්රස්ත ප්රහාරයෙන් මියගිය පිරිසට පිං පැමිණවීම සිදුකළ අතර වෙසක් ධර්ම දේශනාවක් ද පැවැත්වුණා.