අනුරාධපුර, මිහින්තලේ ප්‍රධාන මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වුණා.
කුරුන්දන්කුලම, මිහිදු ආරණ්‍ය සේනාසනය අසලදී යතුරුපැදියක් හා කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුවුණා. ඉන් බරපතල තුවාල ලැබූ 24 හැවිරිදි තරුණයා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කෙරුණ ද ඔහු ජීවිතක්ෂයට පත්වූ බවයි පොලීසිය පවසන්නේ. කැබ් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.