ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ කොලඹ දිස්ත්රික් සංවිධායකවරයා ලෙස කටයුතු කළ මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් නමැත්තා ලබන මස 4 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකරුට චෝදනා ගොනුකර ඇති බැවින් ඔහුගේ ඇප ඉල්ලීම ප්රතික්ෂේප කෙරුණා. තව්හිද් ජමාත් සංවිධාන සාමාජිකයින් සිදුකළ බෝම්බ පිපිරවීම් වලට අදාළ දර්ශන සැකකරුගේ ජංගම දුරකථනයෙන් වීඩියෝ ගතකර තිබූ බවයි පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේ.