අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අයදුම්පත් භාර ගැනීම ලබන 31 වනදා දක්වා දීර්ඝ කර තිබෙනවා.
අයැදුම්පත් භාර ගැනීම ලබන 24 වනදායින් අවසන් වීමට නියමිතව තිබුණා. එහෙත් පසුගිය දිනවල පැවති තත්ත්වය හේතුවෙන් අයැදුම්පත් භාර ගැනීම දීර්ඝ කළ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.