මාවනැල්ලේ බුදුපිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 13 දෙනා සහ සැකකාරිය මාවනැල්ල මහේස්ත්රාත් අධිකරණය වෙත අද යළි ඉදිරිපත් කෙරුණා. එහිදී ඔවුන් ජනවාරි 3 වනදා තෙක් ජුනි 6 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි මහේස්ත්රාත්වරයා නියෝග කළේ. පසුගිය ජනවාරි දෙවනදා මාවනැල්ල ප්රදේශයේ ස්ථාන කිහිපයකදී බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලින් අනතුරුවයි මොවුන් අත්අඩංගුවට ගැනුණේ.