fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සියලු ක්‍රීඩා සංගම්වල ක්‍රීඩා නිලවරණ මාස තුනක් තුළ පැවැත්වීමට පියවර

ITN News Editor
By ITN News Editor මැයි 21, 2019 14:55

සියලු ක්‍රීඩා සංගම්වල ක්‍රීඩා නිලවරණ මාස තුනක් තුළ පැවැත්වීමට පියවර

සියලු ක්‍රීඩා සංගම්වල ක්‍රීඩා නිලවරණ මාස තුනක් තුළ පවත්වා අවසන් කිරීමට යෝජනා කර තිබෙන බව විදුලි සංදේශ විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා විසින් ක්‍රීඩා නිලවරණ නොපැවැත්වීම සම්බන්ධයෙන් වාචික ප්‍රශ්න අවස්ථාවේ කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසී ය.

”ක්‍රීඩා සංගම් 34ක් සඳහා නිලවරණ පැවැත්වීමට තිබෙන බව කී අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අතුරු කමිටුවක් ද පත් කර තිබෙන බව කීය. මේ සම්බන්ධයෙන් විකල්පයක් සකස් කර තිබෙන බවත් ක්‍රීඩා සංගම් 34 ක් සඳහා මාස තුනක් තුළ නිලවරණ පැවැත්වීමට යෝජනා කර තිබෙන බවත් ජාතික මට්ටමින් ක්‍රීඩා තරඟ සඳහා ඉදිරිපත් නොවන සංගම් සඳහා ඡන්දය ලබාදීමේ අයිතිය ලබා නොදෙන බවද අමාත්‍යවරයා පැවසී ය.”

ITN News Editor
By ITN News Editor මැයි 21, 2019 14:55

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්