පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට මාසයක් සපිරෙන අද දිනයේ එම ම්ලේච්ඡ ප්‍රහාරයෙන් දිවි අහිමි වූවන් සිහිපත් කරමින් සහ තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද වැඩසටහන පැවැත්වුණා.
සර්ව ආගමික නායකයන්ගේ සහභාගීත්වයෙන් ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේදී පිංකමක් පැවැත්වුණා. අමරපුර මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අති පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමීණ්වහන්සේ,ගල්කිස්ස ශාන්ත අන්තෝනි මීසම භාර රාජ් සිල්වා පියතුමා, දෙහිවල ශ්‍රි විෂ්ණු කෝවිලේ රාම ක්රිෂ්ණ කුරුක්කල්තුමා ඇතුළු ආගමික නායකයින් එම අවස්ථාවට සහභාගී වුණා. ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය පිරිසට පිං පමුණුවා තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් බෝධි පූජා පිංකමක් හා පහන් පූජාවක් පැවැත්වුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/i3DcdE-etN4″]
මේ අතර ත්‍රස්ත ප්‍රහාරයට ලක් වූවන් සිහිපත් කිරීමේ විශේෂ දේවමෙහෙයක් කොච්චිකඩේ ශුද්ධ වූ අන්තෝනි මුණිදුන්ගේ දේවස්ථානයේදී පැවැත්වුණා. අද උදෑසන අටයි හතලිස් පහට පමණ දේව මෙහෙය ආරම්භ කෙරුණේ රාජ් ප්‍රනාන්දු පියතුමාගේ ප්‍රධානත්වයෙන්. ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් එම දේවමෙහෙයට එක්ව සිටියා.