අගමැතිගේ මන්ත්රීධූරය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති රීට් පෙත්සම ප්රතික්ෂේප කෙරේ
Related Articles
එක්සත් ජාතික පක්ෂ නායක අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ මන්ත්රීධූරය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති රීට් පෙත්සම විභාගයට නොගෙන මුල් අවස්ථාවේම ප්රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා. ඒ රනිල් වික්රමසිංහ මහතා ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගැනීමෙන් අනතුරුවයි.
අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා සහ අනෙකුත් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් මූලික විරෝධතා ඉදිරිපත් කරමින් මෙම පෙත්සම මුල් අවස්ථාවේම ප්රතික්ෂේප කරන ලෙස මීට පෙර ඉල්ලීමක් කර තිබුණා. එහිදී ජනාධිපති නීතිඥ කේ කනගීස්වරන් මහතා කියා සිටියේ පෙත්සම ගොනු කිරීමේදී අදාළ පෙත්සම්කාරිය සහතික නොකරන ලද ඡායා පිටපත් සහිත ලේඛන පදනම් කරගෙන ඇති බවයි.