ඇන්ටාටිකාවේ සහ ග්‍රීන්ලන්තයේ මුහුදු ප්‍රදේශවල අයිස් දියවීම හේතුවෙන් ගෝලීය මුහුදු මට්ටම ඉහළ යාම වේගවත් වී ඇති බව විද්‍යාඥයින් සදහන් කරනවා.
ඒ අනුව 2100 වසර වන විට ගෝලීය මුහුදු මට්ටම මීටර් එකකින් පමණ ඉහළ යනු ඇති බවයි දිගු කාලයක් තිස්සේ කරන ලද පරීක්ෂණවලින් හෙළිව තිබෙන්නේ. මෙලෙස මුහුදු මට්ටම ඉහළ යාමත් සමග මිලියන ගණනක් වූ ජනතාවට අවතැන්විමේ අවදානමක්ද පවතින බව විද්‍යාඥයින් සදහන් කරනවා.